කිසිදු හේතුවක් මත මෙරට තුළ නැවත විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ, නැවත වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොඑළඹෙන බවට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය, ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය සහ විදුලි අධිකාරීවරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබා ගත් තීන්දු මත අදාළ කොන්දේසි වෘත්තීය සංගම්වලට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වුවද පසුගිය දිනවලදී සිදු වූ විදුලිය බිඳවැටීම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් සිදු වූවක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, බත්තරමුල්ල නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.