කිලිනොච්චියෙන් තවත් මෝටාර් උණ්ඩ 40 ක් සොයාගනියි
කිලිනොච්චිය ,පරන්තන් , උමයාල්පුරම්හි අබිලි යකඩ එක්ලැස් කරන නිවසකදී මෝටාර් උණ්ඩයක් කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස සහ අවට අද (07) සිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.
කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාල නිවස පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගය සමග තවත් හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
පසුගිය 05 වැනිදා එම නිවසේ අබිලි යකඩ සඳහා මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් කොටස් කරමින් සිටියදී එය පිපිරී 25 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර 13 හැවිරිදි දරුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
අදාල නිවස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය පවසා සිටියේ හමුවූ සියලු මෝටාර් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය අධික ලෙස දිරාපත්ව දැඩි අවධානම් මට්ටමක පැවති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

