කිරි ගොවීන්ට සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර, මෙම මධ්‍යස්ථාන මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල හා නාවලපිටිය යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතය.
ග්‍රාමීය වශයෙන් දිනකට කිරි ලීටර් දෙක තුන නිෂ්පාදනය කරන පිරිස් සඳහා කඩිනමින් මිල්කෝ ආයතනයට කිරි ලබාදීම සඳහා මෙම ස්ථාන හය ස්ථාපිත කිරීමට තීර‘ණය කර තිබේ.
මේ අනුව අදාළ මධ්‍යස්ථාන මූලික කර ගනිමින් කිරි එකතු කිරීමේ නියෝජිතයන් පත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 18.4ක් වැය කිරීමට අපේක්ෂිතය.
මීට අමතරව දියර කිරි නිෂ්පාදන ඉහළ දැමීම සඳහා ලබන වසර තුළදී කිරි ගොවීන් 3,000ක් සඳහා මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබාදීමට තීරණය කර තිබෙන අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතීන් සිදුකරනු ලබයි.
මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මධ්‍යම පළාතේ කිරි ගොවීන් 1,181ක්ද, වයඹ පළාතෙන් 513ක්, උතුරුමැද පළාතෙන් 442ක්, ඌව පළාතෙන් 816ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 40ක් හා මුලතිව් දිස්ත්‍රික්කයෙන් 08ක් වශයෙන් කිරි ගොවීන් තෝරා ගෙන තිබේ.
මිල්කෝ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ එක් කිරි ගවයෙකුගේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් දෙකකින් ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතව තිබෙන අතර, තරුණ කිරි ගොවීන් දහසක් තෝරා ගෙන ඔවුන්ගේ කිරි ගොවි ව්‍යාපෘති යෝජනා අනුව රුපියල් ලක්ෂ පහක් දක්වා ණය මුදල් ලබාදීමටත්, සැලසුම් කර තිබේ.