කිරිපිටි මිල ඉහළ යයි
කිරිපිටි සමාගම්වලට අද (01) මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල ඉහල දැමීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය අවසරදී තිබේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 61කින් හා කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 152කින් ඉහළ යනු ඇත.
කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා මාස ගණනාවක් තිස්සේ කිරිපිටි සමාගම් හා වෙළද කටයුතු අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැත්විණි. මෙහිදී කිරිපිටි සමාගම් ඉල්ලා තිබුණේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමන ලෙසයි.
නමුත් එයට අමාත්‍යාංශය එකඟ නොවීම නිසා කිරිපිටි සමාගම් වෙළදපොළට කිරිපිටි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වෙළදපළ තුළ කිරිපිටි හිඟයක්ද මතුවිය.
කෙසේ නමුත් පැවැති සාකච්ඡා අවසානයක් කරමින් පිරිභෝගික සේවා අධීකාරියේ මිල පාලන කම්ටුව විසින් ඉහත සඳහන් මිල ගණන් යටතේ කිරිපිටි මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට කිරිපිටි සමාගම්වලට අවසරදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

