දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සහිත හරිත ආර්ථික සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව් ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (30) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එම කාර්ය සාධක බලකායේ සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. සූම් සාකච්ඡාවක් වශයෙන් පැවැති මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් දුමින්ද දිසානායක, ශෂින්ද්‍ර රාජපක්ෂ, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, අරුන්දික ප්‍රනාන්දු, මොහාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු මෙන්ම විශේෂඥයින්, හා අමාත්‍යාංශ ලේකම්වරු ද සහභාගි වුහ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා එම කාර්ය සාධක බලකායේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.
මෙහිදී එළඹෙන මාස් කන්නයේ දී වගාව සඳහා අවශ්‍ය වන පොහොර සම්බන්ධව දැඩිව අවධානය යොමු කළ අතර එහිදී අදහස් පළ කළ කාබනික පොහොර නිෂෟපාදන ප්‍රවර්ධන හා සැපයුම් සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන , බීජ නිෂ්පාදන හා උසස් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළඹෙන මහ කන්නය තුළ හිඟයකින් තොරව කාබනික පොහොර සැපයීම සඳහා අවශ්‍ය සියලු පියවර මේ වනවිටත් ගෙන ඇති බව පැවසීය.
එමෙන්ම බඩඉරිඟු වගාව සඳහා යොදාගන්නා ඉතා සාර්ථකම කාබනික පොහොර විශේෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට දැනටමත් සාකච්ඡා කර ඇති බවත්, එම කාබනික පොහොර අපේ රටේ බඩඉරිගු වගාව සඳහා ඉතාමත් යෝග්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම කාබනික පොහොර ලබා ගැනීමට මෙන්ම නිෂ්පාදනය කිරීමට ද ගොවීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 12,500ක දීමනාවෙන් පළමු වාරිකය වන රුපියල් 7500ක මුදල මේ වනවිටත් ගොවීන් 481,000කට ගෙවා ඇති බවත් අවධාරණය කළේය. මහ කන්නය වගා කරන සියලුම ගොවීන්ට මෙම මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව ද හෙතෙම පැවසීය.
මේ යටතේ නැගෙනහිර පළාතේ ගොවීන් සඳහා පමණක් මේ වනවිට බෙදා හැර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1000 ඉක්මවා ඇතැයි මෙම සාකච්ඡාවේදී සඳහන් විය.
ගොවීන් විසින් වල් මර්දනය සඳහා අවශ්‍ය වල් නාශක හිඟකම සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන බව කී පරිසර ආමත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු කරන ලෙස දැනුම් දුන්නේය.
ජනාධිපති කාර්ය සාධක බලකායේ සාකච්ඡාවේ දී ගන්නා ලද තීන්දු තීරණ ඇතුළත් වාර්තාවක් ජනාධිපතිතුමන්ට හා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය.