කාන්තා පෙත්සම් පිළිබඳ සලකා බැලීම සඳහා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු අනුකාරක සභාවක් පත් කර තිබෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව රජයේ ප්රවෘත්ති ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අනුකාරක සභාවේ සාමාජිකයන් ලෙස අමාත්‍යවරියන් වන පවිත්‍රා වන්නිආරච්චි, නිරූපමා රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරාල සහ රෝසි සේනානායක යන අය පත් කොට ඇති තිබෙන බව රජය සඳහන් කරයි.