හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් ඊයේ දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශයෙන් කාදිනල් හිමිපාණන්ට සිත් තැවුලක් ඇති වූ බවත් එය ගැන තමන් කනගාටුවට පත්වනවා මෙන්ම නැවත නැවතත් සමාව අයදින බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ඊයේ දිනයේ තම පක්ෂය වෙනුවෙන් ඡන්ද ප්‍රතිශත අඩුවිමට කාදිනල් හිමියන්ගේ ප්‍රකාශ බලපෑ බව ප්‍රකාශ කිරිමත් නිසා බෝහෝ දේශපාලඥයින් පිරිසක් ඊට ප්‍රතිචාර දක්වා සිටියේය.
