ක්ෂේත්‍ර කිහිපයක් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට සැලසුම්
මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයට පෙර 25% ක්, 50% ක් ආදී වශයෙන් මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.
කෙසේ වෙතත් එළඹෙන සිකුරාදා ජනාධිපතිතුමන් හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්රයන්හි කුමන සීමාවන් තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බව හෙතෙම පැවසීය. විශේෂයෙන් මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා තිබීම , දුරස්ථභාවය ආදී කරුණූ අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් හා ඒ සඳහා එක්වන පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුවහොත් යළි මේ සම්බන්ධයෙන් යම් යම් දැඩි තීන්දු ගැනීමට සිදු වන බවත් ඒ මහතා කීය.
කොවිඩ් ව්‍යසනය තුළ රට සාමාන්‍යකරණය කරා ගෙන යාමේදී දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතු බවත් එහිදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කෙටිකාලීන වැඩපිළිවෙලවල් වලට නොයන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

