කළු කොටියාගේ මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ සිදු කරන්න නියෝග
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි එළවලු වගා ගොවිපලක මන්දකට හසු වි මුදා ගත් කළු කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ සිදු කර එහි වාර්තාව 07.29 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා අද (29) දින නියෝගයක් නිකුත් කලා.
කළු කොටියා අද දින මිය යාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේ මිය ගිය කළු කොටියා උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදෙමින් සිටියදි හදිසියේ මිය ගිය බවත්, මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම පශු වෛද්‍ය රෝහලේ සිදු නොකර පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ සිදු කරන ලෙසට නියෝගයක් කරන ලෙසය.
වද විමේ තර්ජනයකට ලක් වි ඇති පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියන් ශ්‍රි පාද රක්ෂිතයේ හය දෙනෙකු පමණක් සිටින බවත්, මෙම සත්වයා වද විමේ තර්ජනයට ලක් වි ඇති සතෙකු හේතුවෙන් කළු කොටියා මිය යාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ සිදු කිරිමෙන් කළු කොටියා මිය යාමට හේතුව නිශ්චිත වශයෙන්ම තහවුරු වන බවයි.
නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් අධිකරණය හමුවේ වාර්තා කල කරුණු සලකා බැලු හැටන් මහෙස්ත්‍රාත්වරයා මිය ගිය කොටියාගේ ජාන සම්පල් නිදර්ශනයක් ලබාගෙන එය වන සංරක්ෂණ අවශ්‍යතාවය සදහා පරිශිලනය කිරිමට පශු වෛද්‍ය පිඨයේම ගබඩා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා.
මිය ගිය කළු කොටියාට බරපතල තුවාල සිදු නොතිබුණු බවත්, නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ සුළු තුවාල ලබාසිටි කොටියාට ප්‍රතිකාර ලබාදෙන ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් කළු කොටියා මන්දෙන් මුදා ගැනිමට පැමිණි පශු වෛද්‍යවරුන් ඉල්ලා සිටියත් , එම ඉල්ලිමද නොතකා පශු වෛද්‍යවරුන් විසින් කළු කොටියාට වැඩිදුර ප්‍රතිකාර ලබාදිමට අවශ්‍ය බව පවසමින් පශු වෛද්‍යවරුන් විසින් උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදෙමින් සිටියදි මිය ගොස් ඇත.

popular news
-
Kosala Friday, 29 May 2020 06:39 PM
මෙතරම් දුර්ලභ සතෙක් නොමැරී බේරා ගන්න බැරි වන සත්ව පශු වෛද්‍ය වරුන්ගෙන් ඇති වැඩේ මොකක්ද? දැන් සත්තු කී දෙනෙක්ම අල්ලගන ගිහින් කරපු දෙයක් නැහැනේ. අන්තිමේදී මැරුණා කියලා පත්තරේ දානවා. කරුණාකර මේ උදවියට හරි පුහුණුවක් දෙන්න, නැතිනම් වැඩේ දන්නා කට්ටියක් රස්සාවට බඳවා ගන්න. මෙතරම් වටිනා සම්පතක් වූ කළු දියියන් දෙදෙනෙකුම ලංකාවට අහිමි වනතුරු අපි බලා හිටියේ කොතරම් වේදනාවකින්ද ?
Reply : 0 0
Jayawardhana Friday, 29 May 2020 07:27 PM
ආපසු නම් සතුන් ගැන වනජීවී නිලධාරීන්ට කියන එකක් නැහැ. ඔක්කොම සත්තු මැරිලා ගියානේ.
Reply : 0 0
AjithD.L Friday, 29 May 2020 07:43 PM
ඇත්තටම හරිම අවුලක් , ගොඩාක් දුක්විඳ සතා මියගිය වග. සරගත සියලු සත්හට පොදුම ධර්මය ....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

