දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල ) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය
රෝහල් කාර්ය මණ්ඩලයේ සිටින පුද්ගලයන් දෙදෙනෙකු අමතර ආදායමක් ලෙස මාළු විකිණීමේ ව්‍යාපාරය යෙදෙන බවත් මොවුන් ඉකුත් දිනවල පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබීම හේතුවෙන් සිදුකළ පි සි ආර් පරීක්ෂණ වලින් අනතුරුව එම සේවකයන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇති බවට අනාවරණ වූ බව අධ්යක්ෂවරයා කීය.
එම ආසාදිත සේවකයන් දෙදෙනාගේ සමීපතම සේවකයන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් වැඩිදුරටත් අනාවරණය විය
ඒ හේතුවෙන් ආසාදිත කාර්ය මණ්ඩලයේ හයදෙනා සේවය කළ හදිසි අනතුරු අංශය බාහිර රෝගී අංශය අංක 12 සහ 23 වාට්ටු තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යක්ෂක වරයා කීය
25 වන විට හදිසි අනතුරු අංශය සහ බාහිර රෝගී අංශය පූර්ණ විෂබීජ හරණයට ලක්කර සුපුරුදු දෛනික කාර්යය සිදුකරන බව අධ්‍යක්ෂකවරයා කීය
අවස්ථා කීපයක දී විසබීජ හරයට ලක්කර අංක 12 සහ 23 වාට්ටුව අද( 26) දින විවෘත කරන බවත් අධ්යක්ෂවරයා පැවසීය
තවද එම ආසාදිත සේවකයන් සමඟ සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිස් සහ පිටස්තර පුද්ගලයන් ඔවුන් පදිංචි නිවෙස් වලම නිරෝධයට ලක් කිරීමට අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වන විටත් ලබාදී ඇතැයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය