කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
- 27 05 2021
- 14:47
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම (27) දින වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශ දෙකට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ මස්කෙලියඔයේ ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිමත් සමග එම ජලාශ දෙකේ ජල ධාරිතාව ඉහල ගොස් ඇත.
ජලාශ දෙකේ ජල ධාරිතාව ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
