කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක් නාවික හමුදා අත්අඩංගුවට
මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3ග්රෑම් 185 ක් ප්රමාණයක් විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරුමැද නාවික විධාන මූලස්ථානයට අයත් නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක සහිත පුද්ගලයෙකු ගමන් කරනු දැක පරික්ෂාවට ලක්කිරීමේදී මෙම කැස්බෑ මස් තොගය හමු වී ඇත.
මන්නාරම හා තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිටින කැස්බෑවුන් මරා ප්රදේශයේ හෝටල් වෙතට අධික මිලකට විකිණීමේ මෙම ජාවාරම කලක සිට සිදුව ඇති බවට නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.
අදාළ පුද්ගලයා මන්නාරම් ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු හා කැස්බෑ මස් තොගය නාවික හමුදාභාරයට ගැනීමෙන් පසුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා නාවික හමුදා විසින් පේසාලේයි පොලීසිය වෙත භාර දී ඇති අතර පොලීසිය විසින් සැකකරු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

