කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගිය කළුබෝවිල දැන් තත්ත්වය
කළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.
පසුගියදා රෝහල COVID 19 රෝගීන්ගෙන් පිරී ගොස් කොරිඩෝවල සහ මිදුලේද රෝගීන් සිටින බව බොහෝ පුවත් පළ විය. මෘත ශරීරාගාරය පිරී ඉතිරී යන බවට වාර්තා විය. කෙසේ වෙතත් දින දෙකක් ඇතුලත නව වාට්ටු 2ක් අරඹා සියලු රෝගීන්ට ඇඳන් ලබා දී තත්වය කළමනාකරණය කිරීමට අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සමත්ව ඇතැයි චන්න ජයසුමන මහතා කියයි.
“මෘත ශරීරාගාරයේ තිබූ දේහ ආදාහනය කිරීමට පියවර ගෙන ඇත. ශීතාගාර 37න් 20 ක්ම පිරී ඇත්තේ කලක් තිස්සේ COVID නොවන හේතු නිසා මිය ගොස් ඥාතීන් හඳුනා නොගත් දේහවලිනි. DNA පරීක්ෂාව සඳහා අවශ්‍ය සාම්පල ලබා ගෙන එම දේහ ද ආදාහනය/ භූමදානය කිරීමට නීතිපති උපදෙස් පතා ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පැවසීය.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






popular news
-
janahitha UAE Monday, 09 August 2021 09:54 AM
puvath pathe palamarana kam amathi enakam visandum dimata akaryakshama vu niladarin niladarin ema thanathuru valin ivath kala yuthuya vadakala haki aya pathviya yuthuya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

