කිලෝ 68ක හෙරෝයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
- 10 03 2021
- 12:17
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙරොයින් කිලෝග්රෑම් 68ක් මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මාතර දෙයියන්දර, දෙනගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කටාන ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා 38 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්රදේශයේ පදිංචිකාරියක්.
හෙරොයින් තොගය ප්රවාහනය කරමින් තිබූ මෝටර් රථය ද වැඩිදුර විමර්ශන සඳහා සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
