කල් දැමු නඩු සඳහා දින ලබාදිමට තිරණයක්
- 16 11 2020
- 20:40
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරු විසින් කල් දමා තිබෙන නඩු සියල්ල යලි පරිශීලනයට ලක් කර තිබේ
ඉන් අනතුරුව එම නඩු සඳහා නව දින ලබා දීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරු විසින් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
ඒ අනුව කල් දමනු ලැබූ නඩු යළි කැඳවන දින ඉදිරියේදී මහජනයාගේ දැනගැනීම පිණිස දැන්වීමක් වශයෙන් අධිකරණ භූමියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
