කල්ලාරු රක්ෂිතයේ වන වගා කරන්න රිෂාඩ්ට දෙන්නේ නෑ
විනාශ කරන ලද විල්පත්තුවට අයත් කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කටයුත්ත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බාර නොදෙන බවත් එම කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
විල්පත්තුව අභයභූමියට අයත් කල්ලාරු වනාන්තරයේ අක්කර 2500කට ආසන්න ප්‍රමාණයක සිදු කළ වන විනාශය සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව ගැන පරිසර අමාත්‍යාංශය විදියට අවධානයෙන් සිටින බවත් ඔහු පැවැසීය.
“අධිකරණ තීන්දුවේ පිටපතක් අපිත් ලබා ගන්නවා. විනාශ කරපු ගස් සම්බන්ධ වාර්තාවක් අපිත් හදනවා. ඒ වගේම ඊට වැය වන මුදල් සම්බන්ධව අපිත් වාර්තාවක් ඉදිරිපත් කරනවා. විනාශ කරපු කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කාර්යය රිෂාඩ් බදියුදීන්ට බාර දෙනවා දැයි සමහරු මගෙන් විමසනවා.
කිසිසේත්ම ඔහුට පැළ සිටුවන්නට අපි බාර දෙන්නේ නැහැ. අධිකරණ නියෝගය අනුව ඔහු විසින් කළ යුත්තේ වන විනාශය සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කරන ඇස්තමේන්තුවට අදාළ මුදල ගෙවීම පමණයි.
කල්ලාරු වනාන්තරයේ යලි රුක් රෝපණය කිරීමේ කටයුතු සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඒ වගේම පරිසර අමාත්‍යාංශය විදියට අපිත්, මධ්‍යම පරිසර අධිකාරියත් ඒ සම්බන්ධව මැදිහත්ව කටයුතු කරනවා. ඒ වගේම මෙම තීන්දුව ලබා ගැනීම සඳහා කටයුතු කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපතිතුමා, විධායක අධ්යක්ෂතුමා හා අනෙකුත් නිලධාරින්ගෙන් මම ඉල්ලා සිටිනවා මෙම වැඩ පිළිවෙළ නිවැරදිව සිදුවෙනවා ද කියා නිරීක්ෂණය කරන ලෙස.
පරිසරවේදීන් විශාල පිරිසක් අපෙන් විමසා තිබෙනවා මෙම වන විනාශය සම්බන්ධව අධිකරණ තීන්දුව අනුව රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන ආකාරය පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමක් කරනවාද යන්න ගැන. මම කියන්නේ අපිත් ඊට මැදිහත් වී නැවතත් එම වනාන්තරය ස්ථාපිත කිරීමට කටයුතු කරනවා”
popular news
- 
                            Chandana Friday, 20 November 2020 12:02 PM Athakota safi dostara mahaththayata denawada lamai hambukarala denna kiyala, ane sako balalo Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                