කලුතර බන්ධනාගාරය අසල පාර්සලයක් දමා පලා ගිය පුද්ගලයා සොයා මෙහෙයුම්
කලුතර බන්ධනාගාර තාප්පයෙන් විසි කීරීමට රැගෙන ආ තහනම් ද්‍රව්‍ය තොගයක් සහිත පාර්සලයක් එම ස්ථානය අත්හැර යතුරු පැදියත් දමා පලා ගිය පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කල බව කලුතර උතුර පොලිසිය කියයි.
එම පාර්සලයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් ,දුම්කොල 10 ක් ,කේරල ගංජා ග්‍රෑම් 10 ක් ,ජංගම දුරකථන 3 ක් ,චාජර් 2 ක් ,බැටරි 5 ක් හා හඳුනා නොගත් මත් කරල් 95 ක් එහි තිබූ බව පොලිසිය කියයි.
යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා එම තහනම් භාණ්ඩ අඩංගු පාර්සලය විසි කිරීමට සූදානම් වීමත් සමඟම බන්ධනාගාර නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගැනීමත් සමඟම යතුරුපැදියත් දමා පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
දමා ගොස් තිබූ යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ දියත් කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කළුතර-උතුරු පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා ,දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ. ටී ලක්මාල් මහතා පරීක්ෂණ පවත්වයි.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

