ආරච්චිකට්ටුව කරුක්කුපනේ ඡන්ද මධ්‍යස්ථානයට ලද ඡන්දපත්‍රිකා ප්‍රමාණය සහ ප්‍රකාශිත ඡන්දප්රමාණය පිළිබඳව අනාවබෝධය හේතුවෙන් එම ස්ථානයේ ඡනද පොළ නියෝජිතයින් ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන්ට දක්වපු විරෝධතාවයක් නිසා එම ප්‍ර දේශයේ ඇතිවු නොසන්සුන් තාවයක් මැඩපැවැත්වීමට අමතර පොලිස් නිළධාරීන් කණ්ඩායමක් යෙදවීමට සිදුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම සිදුවීම ඡන්ද ප්‍රකාශ කර ඡන්ද ගනන් කිරීම සිදුකිරීම ආරම්භ කිරීමට සුදානම් වු අවස්ථාවේ සිදුව ඇත. මෙම ඡන්ද මධ්‍යස්ථානය තුළ වලංගු ඡන්දසංඛ්යාව 1278 කි. නමුත් ඡන්ද පත්‍රිකා 1300ක් ඡන්ද මධ්‍යස්ථානයට ලැබී ඇති අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 804කි ඡන්ද පොළ නිළධාරීන් විසින් වලංගු ඡන්දසංඛ්යාවෙන් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අඩුකිරීමට යාමේදී එම සංඛ්‍යාව 1300න් අඩුකිරීමනිසා මෙම සංඛ්‍යාත්මක අගය පිළිබඳ ඡන්දපොළ නිළධාරීන් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම අරබුදය ආරම්භවී ඇත.
ඒ අනුව පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් වරයෙකු සහ අමතර පොලිස් නිළධාරීන්පිරිසක් මෙම ස්ථානයට ගෙන්වා රැස්ව සිටි පිරිසට කරුණු පැහැදිලිකර ඡන්ද පෙට්ටියේ ප්‍රකාශිත ඡන්දනැවත ගනන් කර ගැටලුව සමතයකට පත්කර ඇත.
හලාවත කොට්ටඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා, සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ යන නිළධාරීන්ගේ උපදෙස්මත ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමින්ද සෝමජිති මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීය.