කරාපිටිය රෝහලේ අවශ්‍ය ඖෂධ වර්ග හිඟයක් ඇති බවට චෝදනා
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන් අදාල ඖෂධ වර්ග නැතිකමින් දැඩි පීඩනයකට පතිව ඇතැයි ආරංචි මාර්ග පවසයි .
මෙම ගැටලුව මාස හයක පමණ සිට පවතින ගැටලුවක් බවත් අදාල ඖෂධ වර්ග රෝහලේ නැති බවත් ඒවා මුදලට ගෙනෙන ලෙසත් පවසති.
ඒ අනුව ඖෂධ ගෙනෙන්නනට මාතර,ගාල්ල වැනි ප්‍රදේශ වලට ගොස් බැලුවිට නැති බවත් කොළඹ ප්‍රදේශයෙන් ගෙනෙන්නට ගිය විට ෆාමසි වලින් සමහර බෙහෙත් ලක්ෂ ගණනක් වන බවත් බොහෝ ඖෂධ අධික මිලක් වන නිසා කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි .
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලනිළධාරියකුගෙන් විමසු විට ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
"එහෙම එක පාරටම හැම ඖෂධයක්ම හිඟෙයි කියල කියන්න බැහැ.මේ දවස්වල සමහර ඖෂධ වර්ග සතියකට අඩුවෙනව .ඊළඟ සතියෙ එය ලබාදෙනව. එකපාරටම හැම බෙහෙතක්ම අඩුයිකියල කියන කතාව වැරදියි. ක්ලිනික් බෙහෙත්වල අඩුවක් තියෙනව.ඒක මං හිතන්නෙ ගෙන්වන රටවල්වල තියෙන ප්‍රශ්නයක්. එක්ක බෙහෙත්වල අඩුවක් තියෙනව. එහෙත් එයට අදාල බෙහෙත් රෝහලෙන් අපි ලබා දෙනව. ලෙඩුන්ට ගැටලුවක් වන්න දෙන්නැහැ. එහෙත් සමහර රෝගීන් පරණ බෙහෙතම හොය හොයා තැන් තැන් වලට කතා කරනව. මාස කිහිපයක සිට රටේ තත්ත්වය මත ඖෂධ ගැටලුවක් තියෙනව. එහෙත් අපි ඒවාට දෙන්න පුළුවන් විකල්ප බෙහෙත් දෙනව. සමහර බෙහෙත්වල පොඩි හිඟයක් තිබුණ කියල ගැටලුවක් ඇති වෙන්නැහැ. මෙම ගැටලු ඉදිරියේදි මග හැරේවි.
(වලස්මුල්ල තිලක් මනම්පේරි සහ කසාගල අශෝක තිලකරත්න)

popular news
-
Hitan Tuesday, 02 June 2020 11:47 AM
Karapitiye neme mulu ratema athyawashya aushada 300kata adika ganak higa bawata news article meeta masa ganakata kalin apinam dakka. Hitan thama eka paththaren dakke nathinisa action aran naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

