කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගේ ඩොලර් ලක්ෂ 50ක්
කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ සහතික වි තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මේ අරමුදල ස්ථාපනය කරනු ලැබීය.
මේ සඳහා ආරම්භයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඩොලර් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.
popular news
-
Champa Tuesday, 24 March 2020 05:28 AM
මොනවා? ඩොලර් ලක්ෂ 50ක්? ඩොලර්? මේ ගාන හරිද? මොකොටද මෙච්චර මුදලක් රටෙන් පිටට දෙන්නේ? මොන පිස්සුවක්ද? ADB එකත් කොරෝනා මර්දනය වෙනුවෙන් ලංකාවට දුන්නේ ඩොලර් ලක්ෂ 6යි. රටේ ආර්ථිකයට චීනෙන් ඩොලර් මිලියන් 500ක් ණය ගත්ත. තව ඩොලර් මිලියන් 700ක් මැයි වල ණයට ගන්නවා. කවුද මේවා ගෙවන්නේ? මේ තරම් ණය ගන්න රටක් මේ විදිහට ඩොලර් ලක්ෂ 50ක් පැත්තකට කරනවද? කොරෝනා මර්දනයට අරමුදලක් පිහිටුවන්න ඕනේ WHO එක එහෙම නැත්නම් IMF/WB එක වගේ සංවිධාන. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

