කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති ඉවත් කර ගනි
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) ප්‍රකාශ කර තිබේ.
2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ 14 වන විත්තිකරු වන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාය.
එම නඩුව අද චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, එම නඩුවේ 14වන විත්තිකරු වශයෙන් නම්කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා තමන්ව මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇති බවත් ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවත් සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Thursday, 05 August 2021 01:30 AM
We didn't do. Your predecessor had done so.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

