කරන්නාගොඩට DKPට එරෙහි නඩුව විභාග කිරීම අත්හිටුවීමට නියෝග
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ.
තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාගයට ගැණින.
වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දේශපාලන බලපෑම් මත නඩු පවරනු ලැබ ඇතැයි යන කියන කාරණය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ කොමිසම එලෙස නියෝග කර ඇත.
2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සඳහා පත් කළ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.
popular news
-
Champa Monday, 27 January 2020 08:27 PM
මේ මොකක්ද? විහිලුවක්ද? ජනාධිපති පරීක්ෂණ සභාවක් කොහොමද අධිකරණ විනිසුරුවන්ට නියෝග දෙන්නේ? මේ නඩුවේ කතාව වෙනස්. මම මේ ගැන පහුගිය කාලේ දිගටම ඉංග්‍රීසි වෙබ් අඩවියකට ලිව්වා. මේක සිද්ධ වුනේ යුද්දේ කාලේ. ඒ කාලේ LTTE එකට ළමා සොල්දාදුවෝ හිටපු බව ලෝකෙම දන්නා දෙයක්. නඩුව විභාග කරන්නේ සාම කාලේ වුනාට එදා තිබ්බ තත්වය සැලකිල්ලට ගන්න ඕනේ කියන එක මම හැම තැනම ලියල තියෙනවා. මේ කප්පම් කතාව පස්සේ දාපු එකක් මම දන්නා විදිහට. නාවික හමුදාව පැත්තෙන් මේකට කරුණු ඉදිරිපත් කරලා සැබෑ කතාව කියන එක අමාරු වැඩක් කියල මම හිතන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරයා එක එක පුද්ගලයන් සහ පරීක්ෂණ සභා මගින් අධිකරණ විනිසුරුවන්ට නියෝග දීම ඉතා බරපතල ලෙස අධිකරණයට කරන ඇඟිලි ගැසීමක්. මේ විහිළු කොමිසමට එහෙම නියෝග දෙන්න කිසිම නීත්‍යානුකූල බලයක් නැහැ. උත්තරීතර අධිකරණය එවන් නියෝග පිළිපදින්න බැඳිලත් නැහැ. කවුද මේ උපදෙස් දෙන නීතිඥයා? අර හොර ලියකිලිවිලි ඉදිපත් කරල සහ මැතිවරණ කොම්පැනිය එක්ක ඩීල් එකක් දාල ඇමරිකන් පුරවැසියෙක්ට ලංකාවේ ජනාධිපතිකම ඉල්ලන්න හදල දුන්නු හොර නීතිඥයාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
