කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් ආසාදිතයින් 06ක්
කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු ඊයේ (16) වාර්තා වී ඇත.
තැපැල් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ රියැදුරෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.
මෙම ආසාදිතයින් මහව කයිකාවල, බණ්ඩාරකොස්වත්ත හාතාපොළ, බණ්ඩාරකොස්වත්ත මිදැල්ලව, කුරුණෑගල මල්කඩුවාව, මාවතගම පිලැස්ස යටිවල පදිංචිකරුවන් බව සඳහන්වේ.
මෙම කාර්යාලයෙන් ප්‍රථමයෙන් වාර්තාවූ ආසාදිත ප්‍රධාන ලිපිකරුගේ ආශ්‍රිතයන් ලෙස මෙම ආසාදිතයින් සැලකේ. ප්‍රථම ආසාදිතයා හමු වීමෙන් පසුව තැපැල් අධිකාරි කාර්යාලයේ සේවය කරන සියළුම කාර්ය මණ්ඩල සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමුකර කුරුණෑගල මහ නගර සභාව විසින් කරන ලද පීසීආර් පරීක්ෂණයකදී මෙම ආසාදිතයින් සංඛ්‍යාව හසුවී තිබේ.
පවතින අවදානම් තත්ත්වය මත කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
ගීතාංජලී ප්‍රියදර්ශනී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

