කුරුණෑගලින් තවත් ආසාදිතයන් 4ක් - සමස්ත කුරුණෑගල රෝගීන් 25යි
ගල්ගමුව ගිරිබාව වන්නිකුඩාවැව ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසානය වී තිබූ නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳට සහ දරුවන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (1දා) පස්වරුවේ තහවුරු වී තිබේ .
පසුගිය 29 වන දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වන්නිකුඩාවැව පදිංචි එම නාවික හමුදා සාමාජිකයාට සහ ඔහුගේ මවට ප්‍රථමයෙන්ම වෛරසය ආසාදනය වී තිබූ බවද ඉන් පසුව බිරිඳට සහ දරුවන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා තහවුරු කළේය.
මේ නාවික හමුදා සාමාජිකයාට සහ ඔහුගේ මවට වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සෙම පටල පරීක්ෂාවකින් ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙි .
මෙම සිවුදෙනාත් සමග අද දිනය වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

