පාර්ලිමේන්තුවේ දී කාලය සම්බන්දයේ පසුගිය 03 වැනිදා සිදුවූ සිදුවීම පිළිබඳ කමිටු පත් කිරීමට පෙර කථානායකවරයා ඇසින් දුටු දේ පිළිබඳ වහාම තීන්දුවක් ලබා දිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එමේ කිරීමට කටයුතු නොකරන්නේ නම් මේ පිළිබඳ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ශ්රේෂ්ඨාදිකරනයට යෑමට කටයුතු කරන බව ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (07දා) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර අදාල සිදුවීම පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට(IPU) , පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයට සහා සාක් සංගමයට ලිපියක් මගින් දැනුම් දුන් බව සඳහන් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල - අපි ඊයේ උදේ 08.30ට පක්ෂ නායක රැස්වීමට ගියා. නමුත් අපි පුදුමයට පත්වුනා කථානායකවරයාගේ ඉදිරිපිට පහරදීමට උත්සහ කිරීම ගැන වචනයක් වත් කතා කළේ නෑ. එතුමා අලුත් තර්කයක් ඉදිරිපත් කළා ඊයේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය පිළිබඳ. පාර්ලිමේන්තුව සාමාකාමීය පවත්වාගෙන යාමේ වගකීම තිබෙන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායනවරයාටයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාටයි කියලා. මෙහෙම සම්ප්‍රධායක් අපි අහලා නෑ. කවුරුත් දන්නවා මූලාසනය තමයි පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ. මේ පාර්ලිමේන්තුවේ විශාලතම අඩුපාඩුවක් ලෙස මට පේන්නේ කථානායකතුමාවත්, මූලාසනයේ ඉන්න කෙනොවත් කතා වලට අහගෙන ඉන්නේ නෑ.
ඉතින් අපි කථානායකතුමාට කියනවා කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒක හොඳයි. නමුත් කමිටුවේ වාර්ථා එන්න කලින් එතුමා ඇසින් දුටු දේ ගැන තීන්දුවක් දෙන්න. අපි ඉල්ලන්නේ ඒකයි. මොකද අපි දන්නවා ලංකාවේ කමිටු පොක් ඇරෙන කලාව සෑම දෙයම ප්‍රමාද කරන්න. අපි කථානායකතුමාට දැඩිව කියනවා එතුමා දැක්ක දේ ගැන වහාම තීන්දුවක් දෙන්න. එතුමා බොහෝම සරලව මේ ගැන හිතන්නේ. අපිට මේ ප්රශ්නය ශ්‍රේෂ්ඨාධීකරණයට අරගෙන යන්න පුලුවන්. මම ඒක කියවන්නම්. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උපලේකනයේ (අ) කොටස තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක් දඬුවම් කළ හැකි වැරදි. පාර්ලිමේන්තුවට පැමිණෙන හෝ පාර්ලිමේන්තුවෙන් පිටවී යන හෝ යම් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව තුලදී හෝ යම් කාරක සභාවකදී යම් මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය හේතුකොටගෙන ඒ මන්ත්‍රීවරයාට පහරදීම, නින්දා කිරීම, සිතා මතා බාධා පැමිණවීම යන කරුණු වලට ශ්‍රේෂ්ඨාදිකරණයට යන්න පුලුවන්. මේ අවස්ථාවේ කියන්නේ වැඩි කතා අවශ්‍ය නෑ. කථානායකතුමා දැක්ක දේ ගැන ඉක්මන් තීන්දුවක් දුන්නේ නැතිනම් අපි ශ්‍රේෂ්ඨාදිකරණයට යන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා.
අපි මේ සම්බන්දයෙන් දැනට අන්තර් පාර්ලිමේන්තු සංගමයට(IPU) , පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයට, සාක් සංගමයට විපක්ෂයේ සංවිධායක ලෙස මම ලිපියක් යවලා තිබෙනවා. මොකද පාර්ලිමේන්තුව තුල භාෂනයේ අයිතියක් නැතිනම් පාර්ලිමේන්තුවට ඇවිත් වැඩක් නෑ. අපි නැවත වරක් කියනවා කථානායවරයා දැක්ක දේ ගැන ඉක්මන් තීන්දුවක් දුන්නේ නැතිනම් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ශ්රේෂ්ඨාදිකරනයට යනවා. යනුවෙන්ද සඳහන් කළේය.