කම්කරු නායකයෝ සටන් කරන්නේ දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි
සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වසර 35 ට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත්රයේ නියැලෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැප වූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ “ශ්රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිරයේදී මේ බව සඳහන් කළේය.
“ශ්රමයට අභිමන් - ජනතා බුහුමන්” සම්මාන ප්‍රදානෝත්සවයේ දී කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් 09 දෙනෙකු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ඇගයීමට ලක්වූහ.
වෘත්තිය සමිති නායකයන්වන මෙරෙඤ්ඤගේ දයාරත්න මුණිදාස ප්‍රනාන්දු (සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය) ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර ( ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය) , සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන් (වතු සේවක සංගමය), හේම අමරතුංග පියදාස (සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය), රෙන්ගසාමි පලිනමුතු (ලංකා කම්කරු කොංග්‍රසය), විජේවන්ත පද්මසිරි අමරසිංහ (ලංකා වතු සේවක සංගමය) , රෙන්ගයියා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි (කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය), අරුමුගම් මුතුලිංගම් (එක්සත් වතු කම්කරු සංගමය), තුවාන් මන්සූර් රහීම් රසිඩීන් (ලංකා කම්කරු ෆෙඩරේෂන්) මහත්වරු සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස සේවයේ නිරතව සිට මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ සිටින මහින්ද මඩිහහේව සහ කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස සේවයේ නිරතව සිට රාජ්‍ය සේවයෙන් මේ වන විට විශ්‍රාම ලැබ සිටින ගුණසිරි වීරකෝන් මහත්වරු මෙහි දී අග්‍රාමාත්‍යතුමා අතින් ඇගයීම් සම්මාන ලබාගත්හ.
popular news
-
Demuni Uduwara Wednesday, 15 December 2021 11:28 PM
Please let's know the fake union leaders for our future defences !
Reply : 0 0
samson de silva Thursday, 16 December 2021 06:42 AM
Oya kiyanne "ratey janathaawage salli horaakamin, rata wanasana eka api karannam. Umbalaa kamkaru satan karamin hitapallaa. Deshapaalanayata ewith apey badagostharayata kelinna enna epaa" kiyalaa neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

