කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළින් ඉදිරියේදී වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමට ඉඩක් පැවැතියත් එම රෝගය සමාජ ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එසේම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළින් සමාජයට රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නොමැති බවත් නිවාඩු ලබා එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය අට දෙනෙකු පමණ හඳුනාගෙන නැවත ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
එසේම එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ මාරුවිල ආසාදිතයාගේ පවුලේ දෙමාපියන් හා අනෙකුත් පුදගලයන් මේ වන විට නිරෝධායනට ලක්කර පී.සී.ආර්. වාර්ත ලබාගැනීමට කටයුතු කරන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.