කන්දකාඩු කොවිඩ් ආසාදිතයින් කඳවුරට සීමා කරනවා - පවිත්‍රා
කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 252 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඒ පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කරන ලදි.
වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය- "මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය සදහා කන්දකාඩු ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද පුනරුත්ථාපන කදවුර තුල කොවිඩ් ආසාදිතයින් 250 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ රටේ ජනතාවට ආදරයෙන් සදහන් කරන්නට අවශ්‍යයයි සමාජය තුලින් කොරෝනා රෝගීන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ අභියෝගය බාර අරගෙන මේ රට ඉන් මුදා ගත් අපිට මේ මධ්‍යස්ථානය තුල රෝගීන් ඇති වී සිටීම විශාල අභියෝගයක් නොවෙයි. වෛරසය රට තුල ව්‍යාප්තවීම වැළෑක්වීමට අදාල සියළු පියවර රජයක් විදිහට අප අරගෙන තිබෙනවා. රටේ ජනතාවට අපි වගකීමෙන් කියනවා කොවිඩ් මර්දනය කරන්න රජයක් විදිහට අප ගත් ක්‍රියාමාර්ග අනුව අනෙක් රටවලට සාපේක්ෂව අපේ රටේ සමාජය තුලින් රෝගීන් මතුවීම ඉතාම අවම තත්ත්වයක තිබෙන්නේ. පුනරුත්ථාපන කදවුර තුල ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමක් සිදුවෙන්න පුළුවන්. නමුත් ඒය කදවුරට සීමා කරමින් සමාජය තුල වෛරසය පැතිරීම වැලැක්වීම සදහා රජයක් විදිහට ගතහැකි සියළු පියවර ඉතාම වගකීමෙන් ගන්න බව ප්‍රකාශ කරන්න කැ මැතියි."

popular news
-
Demuni Uduwara Saturday, 11 July 2020 02:01 AM
Don't borrow the credit which are due to health personnel.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
