කතරගම දේවාලයේ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන
රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ රත්තරං තැටියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු විසින් පූජා කරන ලද්දක් බවත් එම නිලධාරියා කීය.මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලීසිය වෙත ලැබී ඇතැයි උසස් නිලධාරියා කීය.
පොලිස්පති සි .ඩි .වික්රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ඊයේ කතරගමට පැමිණි බව උසස් පොලිස් නිලධාරියා කීය.
popular news
-
Kumar Monday, 01 November 2021 06:48 PM
Divyao eka balagunnatha.
Reply : 0 0
Rocky Tuesday, 02 November 2021 07:33 AM
Mata nam Deyiyo gena sekayi. palamuwenma deyiyangen prashna karanna!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
