ජාතික ආණ්ඩුව, ජාතික සමගි සන්ධාන ආණ්ඩුව ලෙස ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති අතර, ජාතික ආණ්ඩුවකට සහයෝගය දැක්වීම විවිධ පුද්ගලයන් උපකල්පනය කරන ආකාරයට කිසිවෙකුගේ කටු ලෙවකෑමක් හෝ වෙනත් වරප්‍රසාද භුක්ති විදීමක් නොවන බවත්, එවැනි දෑ බලාපොරොත්තුවෙන් ජාතික ආණ්ඩුවකට සහයෝගය ලබා නොදුන් බවත් වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.
සිය අමාත්‍ය ධුරය සඳහා ලැබෙන වැටුප සහ අනෙකුත් වරප්‍රසාද දීමනා ලබානොගැනීමට තමන් ඇතුළු අභිනව අමාත්‍යවරුන් තීරණය කර ඇති බවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ සියලු දෙනාගේ එකඟතාව මත ජාතික ආණ්ඩු සංකල්පයට තමා ඇතුළු සියලු දෙනාගේ සහයෝගය දැක්වීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.
වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අද (25දා) දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී වැඩභාරගැනීමෙන් පසුමේ බව පැවසීය.