කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින වාර්තා වී ඇති 452 ක් වූ කොරෝනා ආසාදිතයන් අතරින් , වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වූ 94 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය .
එහිදී කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ඊයේ දින කොරෝනා ආසාදිතයන් 69 වාර්තා වී තිබේ .
ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 3,280 දෙනෙකු හදුනා ගෙන තිබේ .
එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන 25 දෙනෙකු ද ඊයේ දින කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ .
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 70 ක සේවය කරන සේවක සේවිකාවන් 2,781 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .
ඊයේ දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සොයාගෙන ඇති කොරෝනා ආසාදිතයන් 69 දෙනා නීරෝධායන ක්‍රියාවලිය සහ වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා දිවුලපිටිය මූලික රෝහල සහ සීදුව බ්‍රැන්ඩික්ස් අතරමැදි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
එසේම ඊයේ දින සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 760 දෙනෙකුට ලබා දුන් බවත් , ඒ අනුව මේ වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 14,000 කට පමණ ලබා දී ඇති බව ද කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

