කටාර් යානයක බෝම්බ බියක් - ප්රහාරයක යානයක් එය ලුහුබඳියි
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් දක්වා ගමන්ගත් කටාර් ගුවන් සේවයට අයත් යානයක් තුළ බෝම්බ භීතියක් ඇතුවීමත් සමග එම යානය පසුපස ප්රහාරයක ජෙට් යානයක් හඹා ගොස් තිබේ.
දෝහා රාජ්‍යයේ සිට බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් දක්වා ගමන්ගත් කටාර් ගුවන් සේවයට අයත් QR23 යානය තුළ මගීන් 269ක් හා කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත්, රාජකීය ගුවන් හමුදා ප්‍රහාරය යානය විසින්, කටාර් යානය මැන්චෙස්ටර් වෙත ගොඩබස්වන තුරුම ඒ ආසන්නයෙන් ගමන් කර ඇත්තේ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහාය.
අවසානයේදී, යානය ගොඩබැස්වූ පසු පොලීසිය විසින් බෝම්බ භීතිය ඇතිකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අන්දමට මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර, යානයේ කිසිවෙකුට අනතුරක් නොමැති බව කියැවෙයි.
එමෙන්ම, සිදුවීම සම්බන්ධයෙන් පෙරකී පුද්ගලයාගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවද විදෙස් පුවත් සේවා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

