කටුනායක තීරු බදු සාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව
2020 මාර්තු මස 09 දින සිට මැයි මස 31 දින දක්වා කාලය ශ්‍රී ලංකාවට පැමිණි විගස නිරෝධායන ක්‍රියාවලියට යොමු වීමට සිදු වූ ගුවන් මගින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන්, තීරු බදු රහිත මිලට භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා නිවේදනය කර සිටී .
මෙසේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා 2020 ජූලි මස 06 දින සිට දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණිය හැකිය. මේ සඳහා වැඩිදුර විස්තර විමසීම සඳහා 0112263017 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.airport.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට දැන ගත හැකි බවද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටී .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

