කංජිපානිගේ සමීපතමයෙක් අත්අඩංගුවට
- 26 07 2020
- 21:39
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙක් මෙන්ම දැනට බූස්ස බන්ධනගාරයේ රඳා සිටින කංජිපානී ඉම්රානගේ සමිපතම සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කොටහේන මැල්වත්ත ප්‍රදේශයේදී අද සවස මෙම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 800ක්ද සෙයාගෙන තිබේ.
අවුරුදු 30ක් වන පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ආශා පාරික් කමල්දීන් නැමැති කාන්තාවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළ කොමඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට නඩුවක්ද ගොනු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
