කොකේන් ගැන කතා කරන්න රන්ජන් අද පාර්ලිමේන්තුවේ නෑ
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරැන් 24ක් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමට හෙතෙම සහභාගි වී නොතිබිණ.
ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රුස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එසේ උවද මන්ත්රීවරැන්ගේ ප්‍රශ්නවලට පිළිතුරැ දීමට රන්ජන් රාමනායක මහතා එම රැස්වීමට සහභාගී වී නොමැත.
පාර්ලිමේන්තු සභාගර්භයේදී ද මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ඡා වු අතර එසේ උවද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද (20දා) පාර්ලිමේන්තු සභාවාරයටද සහභාගී නොවිය.
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරැන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් පත් කර ඇති බව සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරැමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

popular news
-
Champa Wednesday, 20 February 2019 08:49 PM
මේ කොකේන් කතාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාස කළා කියලා රන්ජන්ට විරුද්ධව නඩු දාන්න ඕනේ. රන්ජන්ට කිසිම අයිතියක් නැහැ එහෙම ප්‍රකාශයක් කරන්න. එයා කවුද? දොස්තර කෙනෙක්ද? නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙක්ද? නැත්නම් කොකේන් විකුණන ජාවරම්කාරයෙක්ද? ඔය තුනම නැතුව නිකම් offhand remark එකක් කරලා රන්ජන් මුළු පාර්ලිමෙන්තුවටම පොදුවේ අපහාස කරලා තියෙනව. කතානායකතුමා රන්ජන්ගේ කතාව කිසි කතාවක් නැතුව භාර ගත්ත එක වැරදියි. එහෙම මන්ත්‍රීවරු නම් කරන්න එයා කවුද? රන්ජන් පාර්ලිමේන්තුවෙන් සමාව ගන්න ඕනේ. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන ප්‍රශ්න තියෙන බව ඇත්ත. නමුත් මේ විදිහට කට වාචාල කමට කතා හදලා ලංකාවේ නම කැත කරන එක අනුමත කරන්න බැහැ. අනික මම කොහේ හරි දැක්ක කියල තියෙනව මදනමෝදක කන මන්ත්‍රීවරු ඉන්නවලු. ඉතින් රන්ජන්ට ඇති අමාරුව මොකක්ද? මදනමෝදක කියන්නේ වෙළඳ පොලේ තියෙන ආයුර්වේද රසායනයක් මිසක් තහනම් දෙයක් නෙමෙයි. ඒක තිපිල්, අසමෝදගම්, කොත්තමල්ලි (අනික්වා මතක නැහැ) අඩංගු පාරම්පරික බෙහෙතක්. නළුවෝ චිත්‍රපට අධ්‍යක්ෂකල ගැන කතා කලොත් ගම්වලින් ආපහු ලස්සන අහිංසක ගෑනු ළමයි කී දෙනෙක් අනාත කරලා තියෙනවද
Reply : 1 3
අප්පුවා Thursday, 21 February 2019 08:33 AM
අපේ පාර්ලිමේන්තුවට අගවුරව කරන්න තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ? කොහොමත් ඔක්කොම වැඩකරන්නේ කොකේන් ගහල වගේ තමයි.නැත්නම් මේ අවුරුදු හැත්තෑ එකට මීට වඩා දුර ගිහින්.
Reply : 0 0
Bandula. Thursday, 21 February 2019 10:10 AM
මේගැන කමිටු දාගෙන කලේ මරන්න වෙන්නේ නැහැ කෙලින්ම නම් ටික දෙන්න කියන්න ඒ ඇති. දැන් පාර්ලිමන්ට් එන්නේ නැත්තේ?. ලජ්ජවටද, නැත්නම් බයටද? ගලේ පහරපු බළලාට වගේ වෙලා වත්ද?
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

