කංජිපානිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
පාතාලය තුළින් හා බන්ධනාගාරය තුළින් තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති හෙයින් තමන් දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරූ කරන්නැයි ඉල්ලමින් බුස්ස බන්ධනාගාරයේ වසර 06 ක සිරදඬුවමක් විඳිමින් සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් බූස්ස බන්ධනාගාරය තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් තමන් දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරූ කරන්නැයි බන්ධනාගාර නිලධාරින්ට නියම කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කාර මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
කංජිපානි ඉම්රාන් විසින් ඉදිරිපත් කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියල බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නවදෙනකු නම් කොට ඇත.
6 වසරක සිරදඬුවමක් ගෙවන තමා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇතැයිද තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් බූස්ස බන්ධනාගාරය තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරු ඒ අතර බන්ධනාගාර පනතට පටහැනි ආකාරයෙන් බන්ධනාගාර නිලධාරීන් නොවන වෙනත් ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් එසේ කිරීම තම ආරක්ෂාවට තර්ජනයක් බවත් පෙන්වා දී ඇත.
තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් බූස්ස බන්ධනාගාරය තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු මේ හේතුවෙන් තමන්ව දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කොට ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
