ඖෂධ අධිකාරියේ දත්ත මැකියාම ගැන සිදුකෙරෙන පරික්ෂණ නතරවි නෑ
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවෙන් කොටසක් මැකීයාම ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණි.
මෙහිදී මැකී ගොස් තිබෙන්නේ පසුගිය රජය සමයේ සිදු වුනු ඖෂධ වංචාවන්ට අදාළව පරීක්ෂන කෙරෙන දත්ත රැසක් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පද්ධතියේ කොටසක් මැකී ගොස් ඇති බවට මුල් වරට අනාවරණය වුනේ අගෝස්තු 9 වනදායි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණු අතර මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව එම දත්ත නැවත ලබා ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා.
ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත සම්බන්ධයෙන් කටයුතු කළ එපික් ලංකා ආයතනය ප්‍රකාශ කළේ එහි ඉංජිනේරුවරයෙකු අතින් සිදු වූ යම් අත්වැරදීමක් නිසා මෙලෙස දත්ත මැකී ගොස් ඇති බවයි. කෙසේ වෙතත් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර පසුව ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරුණා. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටයි කටයුතු කෙරුණේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙලෙස අදහස් පළ කළා.
“මෙලෙස දත්ත මැකියාම පිළිබද අප සිදු කරන කිසිදු පරික්ෂණයක් නතර වි නෑ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කෙරෙන පරික්ෂණ වලින් පසුව අධිකරණය මගින් ඊට අදාළ ව ක්‍රියාත්මක විමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය”.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

