ඔස්ට්‍රේලියාවේ ජුනි මාසයෙන් පසු අඩුම ආසාදන සංඛ්‍යාවක්
ඔස්ට්‍රේලියාවේ නව කොරෝනා වෛරසය පැතිර යන කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන වික්ටෝරියා ප්‍රාන්තය තුළ පසුගිය ජුනි මාසයෙන් පසුව අඩුම ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ වාර්තා කර තිබේ.
පසුගිය මාස තුනක කාලය තුළ එම ප්‍රාන්තයේ දෛනික ආසාදන වැඩිවීම වාර්තා කළ අතර මෙල්බර්න් නගරය අගුලු දැමීමටද එම තත්ත්වය හේතු විය.
ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත සහ මිලියන 25ක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 21ක් වාර්තා කළ අතර එය පෙර දින සංඛ්‍යාවෙන් අඩකටත් වඩා අඩු වූයේ, පසුගිය ජුනි 24 න් පසු අඩුම අගය ලෙසිනි.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගෙවීගිය දිනයේ වෛරසය ආශ්‍රිතව නව මරණ 7ක් වාර්තා වී ඇති අතර එය ජාතික සංඛ්‍යාව 844ක් දක්වා ඉහළ දමා තිබේ. ඔස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය ආශ්රිත මරණවලින් 90%ක්ම සිදුවී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

