ඔලුවිල් වරාය අසළින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනියි
- 18 09 2019
- 12:31
- {{hitsCtrl.values.hits}} views
- ..
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් T56 ගිනි අවියක් ඇතුළු පුපරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අක්කරෙයිපත්තු ප්‍රදේශයේ ඔලුවිල් වරායට යන ඉඩමක තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවත් ඒවා වළදමා තිබූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
T56 අවියක්, සජීව පතරොම් 30ක්, මැගසින් එකක්, ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කූරු 4ක්, වයර් රෝලක්, යූරියා, ඇමෝනියා ඇතුළු තවත් දෑ සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
