මෙරට තුළ හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (05දා) පියවර ගෙන තිබිණි.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත අයෙකු මෙරට තුළ ප්‍රථම වරට පසුගියදා (03දා) හඳුනා ගනු ලැබූ අතර ඇය හලාවත පදිංචි 25 හැවිරිදි කාන්තාවක වූ අතර, ඇය නයිජීරියාවේ සිට මෙරටට පැමිණ තිබිණි.
මේ අතර, මෙරට තුළ හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව විදේශයේ සිට මෙරටට පැමිණි ක්‍රමවේදයේ ගැටලුවක් සිදුව නොමැති බවට මේ වනවිට ලැබී ඇති තොරතුරුවලින් සනාථ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ, පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසි කඩ කරමින් යමෙකු කටයුතු කර ඇත්නම් පමණක් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ හැකි වන බවයි.
එසේම රටින් පිටතට යන පුද්ගලයෙකු කෝවිඩ් මර්දන එන්නත් ලබා තිබීම අනිවාර්ය බවට නීති පනවා නොමැති බවට පෙන්වා දුන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද එවැනි දෙයක් නිර්දේශ කර නොමැති බවද පැවසීය.