කොවිඩ්-19 වෛරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ඊයේ (16දා) හඳුනාගත් ආසාදිතයන් අතරින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එසේ හඳුනා ගත් අනෙක් පුද්ගලයා විදේශිකයෙකු බව බව අමාත්‍යාංශය සඳහන් කළේය.
නව ආසාදිතයන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකයේ මෙහෙයවීමෙන් අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බවද සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඊයේ හඳුනා ගත් නව ආසාදිතයින් තිදෙනා සමග ශ්‍රී ලංකාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4කි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ ක්‍රියාවලියෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය සෙවිය නොහැකි බවයි.
ඒ සඳහා මෙරටට පැමිණෙන සියලු විදේශිකයින්ගේ ජාන විශ්ලේෂණය කිරීමට සිදුවන අතර, එය ප්‍රායෝගික නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව දැනට සිදුකළ යුතුව ඇත්තේ, සියලු සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තමන්ට වෛරසය වැලඳීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට කටයුතු කිරීම බවද හෙතෙම සඳහන් කළේය.