ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා
පාස්කු ප්‍රහාරය පිළිබඳ වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ නිදහස් කිරීමට දේශපාලඥයන්ට ඒකට අත පෙවීමට නොහැකි බවත් එසේ සිදු කරන්නේ නම් එය කැකිල්ලේ නඩු තීන්දුවක් වන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ කටයුතු කිරීමට පොලීසියට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට සම්පූර්ණ බලය සහ ස්වාධීනත්වය ලබා දීලා තිබෙන බව2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 15 වැනි දිනය සඳහා අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර වත්මන් ආණ්ඩු බලයට පත් වීම සහ තමා අධිකරණ අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් පසු කුමන හෝ කාරණයටක නීතිපතිවරයාට බලපෑම් සිදු කර නොමැති බවත් එමේ බලපෑම් කර ඇති බවට තහවුරු කිරීමට හැකි නම් ඇද සිටින ඇඳුම් ගලවා ගෙදර යාමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ත්රස්ථවාසය වැලැක්වීමේ පනත යලි සමාලෝචනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා,
අපි මේ ආණ්ඩු භාර ගත්තට පස්සේ, මේ අමාත්‍ය ධුරය භාර ගත්තට පස්සේ එක දවසක අපි නීතිපතිවරයාට කිසිදු විදියක බලපෑමක් කරලා නෑ. ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන කතා කරනවා. ඒ පනත යටතේ අසාධාරණ ලෙස යම්කිසි පුද්ගලයෙක් රඳවාගෙන සිටිනවා නම් ඒ පිළිබඳ කරුණ පැහැදිලි කර ගැනීම සඳහා හෝ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමාට ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමට උපදෙස් ලබා දීම සඳහා හිටපු අග්‍රවිනිශ්චයකාර අශෝකද සිල්වා මහතා යටතේ වෙනම උපදේශක කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ තිදෙනා ඉදිරියට ගිහින් කාට හරි කියන්න පුලුවන් මට සාක්ෂි නැතිව මේක කරලා තිබෙනවා කියලා. මේ වන විට 46 දෙනෙකුට යම් යම් සහන ලබා දීම සඳහා නිර්දේශ කරලා ලබා දීලා තිබෙනවා. මේවා අපි කටින් විතරක් කියන දේවල් නෙවෙයි ප්‍රායෝගිකව කරන දේවල්. මේ වන විට අපි ත්රස්ථවාසය වැලැක්වීමේ පනත අපි යලි සමාලෝචනය කිරීම සඳහා කටයුතු කරමින් යනවා.
ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන විවිධ දේවල් කියනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව අපිට අතින් අල්ලන් ගිහින් හිරේ දාන්න බෑ. ඒක කරන ක්‍රමවේදයක් තිබෙනවා. අවසානයේ නීතිපතිවරයා තමයි තීරණය කරන්නේ පුද්ගලයෙකු තව දුරටත් රඳවාගෙන සිටිනවාද , මේ පුද්ගලයාට නඩු දානවාද, මේ පුද්ගලයා නිදහස් කරනවාද කියලා. දේශපාලඥයන්ට ඒකට ඇගිලි ගහන්න බෑ. එහෙම ඇගිලි ගැහුවොත් ඒක කැකිල්ලේ නඩු තීන්දුවක් වෙනවා. ඒ නිසා පොලීසියට, නීතිපති දෙපාර්තමේන්තුවට සම්පූර්ණ බලය සහ ස්වාධීනත්වය ලබා දීලා තිබෙනවා. ඒ නිසා අද වන විට 26 දෙනෙකුට නඩු දාලා තිබෙනවා. මේවා සංකීර්ණ විමර්ශන. අපිට අවශ්‍ය අය අරගෙන ගිහින් ඇතුලට දාන්න බෑ. අපිට අවශ්‍ය අයව නිදහස් කරන්නත් බෑ. යනුවෙන්ද සඳහන් කළේය.
popular news
-
Prabath Thursday, 09 December 2021 01:31 PM
Kohomatath redi nethuwane oyaala gewalwala inne. Eka api dannawa. Aneka "Viyath Magata: redi andagena innath bari bawa api dannawa, Kohomatath thopi langadina gedara yana bawa api dannawa. ATHA, SLFP ayeth thaniyama enawa hariyatama aandu karanna.
Reply : 1 1
Hector Thursday, 09 December 2021 06:26 PM
Mr. Ali Sabri, Could you then please explain how the politicians' cases were dismissed with the advice from Attorney General while the then Attorney is the Chief Justice? We know some of the cases were there only to deliver the judgement.
Reply : 0 0
Demuni Uduwara Thursday, 09 December 2021 11:46 PM
We don't ask detailed explanations from you in regard to the Easter Sunday Attack. We didn't ask any thing from you, but entire Report and Volumes for our perusal . We the people incurred its cost and reports are our properties. Besides, what happened to 'Pandora' report?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

