ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව හික්කඩුවට බටහිරින් වු මුහුදු තිරයේ දි ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණු අභ්‍යාසයක් පැවැත්වනු ලැබිය.
ඒ අනුව, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් P-C3 වර්ගයේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානා 02 ක්, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා 02 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ y-12 වර්ගයේ යානාවක් ද මෙම අභ්‍යාසය සඳහා එක්විය.
මෙම පුහුණු අභ්‍යසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරික ආවේක්ෂණ අභ්‍යාස සම්බන්ධ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් ද සහභාගී වුහ. එමෙන්ම, මීට පෙරද ශ්‍රී ලංකාව තුළදී විදේශීය ගුවන්යානා, නාවික යාත්‍රා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා යොදාගනිමින් මුහුදේ දී අනතුරට පත් පුද්ගලයින් සෙවීමේ සහ මුදවා ගැනීම ඇතුළු පුහුණු අභ්‍යාස කිහිපයක් සිදුකර ඇත.
මෙවැනි අභ්‍යාසයන් තුළින් කලාපීය වශයෙන් අනෙකුත් හමුදාවන් අතර සිය වෘත්තීමය නිපුණතාවය සහ සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් බව නාවික හමුදාව පවසයි.


