එස්.බී. වහසි බස් දොඩවනවා
ප්‍රමිතියෙන් තොර සයිටම් ආයතනය වසාදමා සයිටම් අර්බුදය විසඳා තිබියදී එවැනි ආයතන දහයක් නැවත ඇති කරන බවට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වහසිබස් දොඩවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එසේම සයිටම් වැනි ආයතන පහක් ඇති කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන බවත්, ස්ථාවරව පවතින සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර බිඳ දැමීමට උත්සාහ කරන මෙම දෙදෙනාම දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව තීරණයක් ගතයුතු බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඉදිරි ආණ්ඩුවක මෙම පුද්ගලයන් දෙදෙනාට ඇමති ධුර ලබා නොදෙන ලෙසට දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
-
Gamarala Tuesday, 15 October 2019 10:28 AM
Not only SB, all the 16 gang was with jahapalana must go home. If rajitha join with gota, its the end of gota story.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
