ලොව ප්රමුඛතම අඩු මිල ගුවන් සේවා සමාගමක් වන පිලිපීනයේ එයා ඒෂියා ගුවන් සමාගම පළමු වරට මත්තල ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර තිබේ .
ඒ අනුව අද දින දහවල් 1.30 ට ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 11 දෙනෙකු රැගෙන ,
පිලිපීනයේ මැනිලා නුවර සිට මෙම ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එසේම මෙම ගුවන් යානය ගාල්ල වරායේ සේවය නිමා කළ තවත් පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 14 දෙනෙකු රැගෙන හෙට (10) දින පිලිපීනයේ මැනිලා නුවර බලා මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය .
