එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේත්
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊයේ දිනය වන විට කුමන හෝ එන්නතක පළමු මාත්‍රව ලබා ගත් සංඛ්‍යාව 10309855කි.
කිසියම් හෝ එන්නතක දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 2448361ක්. ඊයේ දිනයේ දී ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 174975ක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ 22981 දෙනෙකුට ද දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දීමට හැකිවුණා.
කොළඹ විහාරමහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී සහ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැය 24 පුරා එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේදී සිදුවනවා. ඒ හේතුවෙන් කලබලයකින් තොරව පැමිණ එන්නත ලබාගන්නා ලෙසයි ආරක්ෂක අංශ ජනාතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඊයේ උදෑසන සිට අද පෙරවරු 6.00 වන විට දියත උයන එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් 13980 දෙනෙකු එන්නත ලබාගෙන තිබෙනවා. එන්නත ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ රසවින්දනය උදෙසා යුද හමුදාව සංගීත වැඩසටහන් ද පැවැත්වීම විශේෂත්වයකි.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදීද ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම අදත් සිදුවනවා. කොළඹ මහනගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධවයි එම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

