එජාප ජනපති අපේක්ෂකයා ගැන රවීගෙන් ඉඟියක්
පරිනත දේශපාලඥයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව තිබිය යුතු බවත් අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.
" වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි.
අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති කල යුතුයි. ලංවිම තුළ අවම මට්ටමේ රැකියා අවස්ථාවක් ලබාගන්නත් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවශ්‍යයි. නමුත් අපේ රටේ දේශපාලන ව්‍යුහය තුල දේශපාලඥයෙකුට කිසිම සුදුසුකමක් නැතිවත් ජනාධිපති වෙන්න අවස්ථාවක් තියෙනවා.
ආයතනයක් පවත්වාගෙන යන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යනම්, රටක් පාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැද්ද. මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙලවත් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ තුළින් ඉදිරියට යද්දි, මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවටත් පත්වෙන්න අවස්ථාව ලබාදිය යුතුයි.
නමුත් මේ එක් එක් පියවර වෙනුවෙන් වෙනවෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතුයි. මේ තත්ත්වය ඇතිකල යුතුයි. ඒ ආකාරයෙන් නැති එකේ ප්‍රථිවිපාක තමයි අද පේන්න තිබෙන්නේ. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයට සෑම පකෂයකින්ම අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කරන්න පුළුවන්, පරිනත දේශපාලඥයෙක් තමයි අපි ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්නේ. අපට අවශ්‍ය වන්නේ දක්ෂ නායකත්වයක්. ඒ නිසා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැහැ"

popular news
-
ranjith Saturday, 22 June 2019 02:27 AM
මහබැංකුව විනාස කරලා තවම පම්පෝරි ගහනවා
Reply : 0 3
චමින්ද Saturday, 22 June 2019 07:07 AM
ඇමතිතුමා දැන්වත් ජනාධිපති තනතුරට ඉදිරිපත්වීමට අවම වශයෙන් පළමුවැනි පංතියේ ගෞරව සාමාර්ථයක්වත් තිබෙන උපාධිධාරියෙක්වීම අවශ්‍ය ලෙසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය කරන්න බැරිද. අතීතයේ වගේ නොවේ දැන්කාලෙ සාමාන්‍ය පෙළ විභාගය සමත්වූවන්ගේ දැනුම සනීපාරක්ෂක තනතුරටවත් සුදුසු නොවේ.
Reply : 0 0
Bandula. Sunday, 23 June 2019 12:35 PM
ඔයාල කුරු දැම්මත් ඔය හැමෝගෙම පැටිකිරිය මුළු රටම දන්නවා එනිසා ඔයාල කට පියාගෙන ඉන්න මොකද ජනතාව දන්නවා කාටද මේද දෙන්න වෙන්නේ කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

