එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ අනිද්දාට (31දා) පෙර ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
එම සන්ධානයේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මෙහෙයවන බව විපක්ෂ නායක කාර්යාලයේ අද (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව නව සන්ධානයට නව ලේකම්වරයෙකු පත් කර ඉදිරි මහ මැතිවරණයට අදාළ නාමයෝජනා සෑදීමටද සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.