එජාපය සහ ජවිපෙ වසර 20ක කාලය තුළම කළේ මේ රට වලපල්ලට ගෙනයාම - මහින්ද
එජාපය සහ ජවිපෙ පසුගිය වසර 20 ක කාලය තුළම සිදු කරේ මේ රට වලපල්ලට ගෙන යාමට කටයුතු කිරීම පමණක් බවත් අවම වශයෙන් මේ කාලය තුළ තම පක්ෂය හෝ පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට හෝ කටයුතු නොකර බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
අද (8) දින වැලිගම දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,
දැන් බලන්න අද එජාපය කියනවා පසුගිය වාර දෙකේම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙනාපු අය නිවැරදි අය නොවන බව. ඒ කියන්නේ අද 2010 අපේක්ෂකයා ලෙස පැමිණි සරත් ෆොන්සේකාටත් 2015 පැමිණි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල මහතාටත් බනිනවා. වුණේ වැරැද්දක් කියනවා. ඒ අයම අද කියනවා වැරදි තේරීමක් කියලා.
ඒ වගේම තමයි ජවිපෙ. එයාලා ඊට එහා. ඒ අය කියනවා පසුගිය වාර තුනේම ඒ අය උදව් කරපු ජනාධිපති අපේක්ෂකයින් නිවැරදි අය නොවන බව. ඒ කියන්නේ 2005 දී මහින්ද රාජපක්ෂ, 2010 දී සරත් ෆොන්සේකා හා 2015 දී මෛත්‍රීපාල සිරිසේන. ඒ අය කියන විදියට ජවිපෙ පසුගිය වාර තුනේ දීම ජනාධිපති අපේක්ෂකයා ලෙස සහය දුන් අය වැරදි අය බවයි. එතකොට ඉදිරියට මේ අය කියන දේවල් කාටවත් විශ්වාස කරන්න පුළුවන්ද? මේ අය ඉදිරි ජනාධිපතිවරණයක දී කියනවා. මෙයාට ඡන්දේ දෙන්න කියලා. ඊට පස්සේ අවුරුදු 02 ක් විතර ගියාම කියනවා අපිට වැරදුණා. එයා නෙවේ මේ සැරේ මෙයා හොඳයි කියලා.
මොනව ද මේ විහිළු . ඇත්තටම මේ පක්ෂ දෙකම රටට ආදරයකට පක්ෂයකට ආදරයකට දේශපාලනය කරන අය නෙවේ. තමන්ට බැරි දේ අනිත් මිනිහගෙනුත් නැති කරන ජාතියේ කුහක පිරිසක් මේ අය.
ජිනේෂ් නානායක්කාර

popular news
-
rocky Tuesday, 08 January 2019 02:57 PM
මේ වගේකියුම් වලට දැන් රැවටෙන්නේ පොහොට්ටුවෝ විතරයි!
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

