එජාපයට වැඩ කරන්න ලොකුම බාධාව වුණේ ජනපතියි - සාගල
එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය දී පත්කර ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක් බදාගෙන එක්සත් ජාතික පක්ෂයට වින කරන නිසා එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත් කරගෙන පක්ෂයේම අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් වගකීම ගත යුතුයැයි වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ඌරුබොක්ක පස්ගොඩ ඊයේ (20) පැවති පක්ෂ ක්‍රියාකාරින් දැනුවත් කිරිමේ රැස්විමකදි ඔහු මේ බව පැවසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පසුගිය කාල සිමාවේ හුඟාක් වැඩ කළා. වැඩ කරගෙන යනකොට නොයෙක් බාධා ආවා. ගංවතුරක් ආවා. නියඟයක් ආවා. කුණු කන්දක් කඩා වැටුණා. දින පනස් දෙකක් ආවා. පාස්කු ප්‍රහාරය ආවා. ඒ වගේ ගොඩාක් බාධක ආවා.
අපි එකතු වෙලා පත්කර ගත්තු අපේ ජනාධිපතිතුමා ගිහින් පක්ෂයක් බදාගත්ත එක තමයි ලොකුම බාධාව වුණේ. ඒ පක්ෂය බදාගෙන ඒකට නැවත පණ දෙන්න උත්සාහ කරපු වෙලාවේ තමයි අපිට බාධා එන්න පටන් ගත්තේ. එක්සත් ජාතික පාක්ෂිකයන් තමයි ඡන්දේ දිලා එතුමා පත් කරගත්තේ අන්තිමට හිරිහැර විදින්න සිදුවුණෙත් එක්සත් ජාතික පාක්ෂිකයන්ටම තමයි.
කොච්චර කකුලෙන් ඇද්දත් අපි රටේ සංවර්ධනය ඉලක්ක කරගෙන ලොකු වැඩ කොටසකුත් කළා. කොච්චර අමාරු වුණත් මහින්ද මහතා සහ චන්ද්‍රීකා මහත්මිය පාලනය කළ විසි අවුරුදු කාලයට වඩා වැඩි සංවර්ධනයක් පසුගිය අවුරුදු හතර හමාර තුළ සිදු කෙරුණා.
පාරවල් හැදුවේ නැති වුණාට නෙවෙයි පාක්ෂිකයෝ තරමක් හිතේ අමාරුවෙන් ඉන්නේ. ඒ අයගේ සමහර පුද්ගලික ප්‍රශ්න අපිට බලන්න බැරිවුණාට. අපේම ජනාධිපති කෙනෙක් ආවාම ඒ ප්‍රශ්න සියල්ල විසඳන්ට බැරි වුණත් බොහෝ ප්‍රශ්න විසඳන්නට පුළුවන් වෙයි.
දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට විසඳුම් ගේන්න යෝජනා කැබිනට් එක දක්වා අපි ගෙනාවා. නමුත් එතනදි නතර වුණා. අපේම ජනාධිපති කෙනෙක් ආවොත් කැබිනට් මණ්ඩලය තමයි වෙනස් වෙන්නේ. එහෙම වුණොත් මේ හිරවුණ තීන්දු තීරණ ගන්න පුළුවන් වෙනවා.
දැන් බලන්න රක්ෂිත නොවන ඉඩම්වල අයිතියක් නැතුව පරම්පරා ගණනක් ජීවත්වන අය ඉන්නවා. ඉඩමක අයිතිය කෙනෙකුට ඉතාම වැදගත්. ඒ අයිතිය දෙන්න අපි ඉඩම් පනත ගෙනාවා. හතර පස් වතාවක් කැබිනට් එක තුළ කතා කළා. ජනාධිපතිතුමත් කැමති නොවුණ නිසා අපට සම්මත කරගන්න බැරිවුණා. ඒක බලපෑවේ යූඇන්පී කාරයාට විතරක් නෙවෙයි. සමස්ත ජනතාවටම ඒක බලපෑවා.
මෙන්න මේ නිසයි අපි කියන්නේ අවුරුදු විසි පහකට පස්සේ අපි අපේ ජනාධිපති කෙනෙක්, අපේ අගමැති කෙනෙක්, අපේම කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ඉදිරියට යමු කියලා. ඊට පස්සේ අපේම පළාත් සභාවකුත් අනතුරුව අපේම ප්‍රාදේශීය සභාවලූත් පත්කරගෙන ඉදිරියට යායුතුයි. මේ යාන්ත්‍රණය අපේ පක්ෂය සතුව තිබ්බා නම් වැඩකටයුතු නිම කරන්න පහසු වෙනවා.
නිහඬව සිටි එක්සත් ජාතික පක්ෂිකයන් සජිත් මහත්තයා ආවත් එක්ක දැන් අපිත් එක්ක යළි සම්බන්ධවෙලා තියෙනවා. එක කණ්ඩායමක ඡන්ද වලින් කාටවත් දිනන්න බෑ. පොහොට්ටුවේ ඡන්දවලින් ගෝඨාභය මහත්තයට දිනන්නත් බෑ. යූඇන්පී ඡන්ද වලින් සජිත් මහත්තයට දිනන්නත් බෑ. අපි මැද ඉන්න අයයි දිනාගන්න ඕනෑ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Dayan Monday, 21 October 2019 09:49 PM
ඔව් අනේ මෙයාල හරියටම කරන්න තමය් හිටියේ.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 22 October 2019 10:51 AM
ඒහෙනම් ඒදා 2015දි ඒජාපයට බලය ගන්න ආධාරකය වුණේ කවු ද? හරි ඉතින් කාට කාටත් ගඟෙන් ඒතෙර වෙන්න විතරයිනෙ පාරුව ඔ්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

